ශ්‍රී ලංකාවේ තේ,පොල්,රබර් ඇතුළු ප්‍රධාන වැවිලි බෝග ක්ෂේත්රයේ සංවර්ධනය සඳහා (IFAD Mission) ව්‍යාපෘතිය හරහා මෙරට වැඩසටහන් රාශියක් මේ වන විටත් ක්‍රියාත්මක කර ඇත.
පසුගිය මාස හය ඇතුළත එම ක්ෂේත්රවල සංවර්ධනයට ආයෝජනය කළ මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 5කි.
එම ක්ෂේත්රයේ සිදු කෙරෙන සංවර්ධන කටයුතුවල , සාර්ථකත්වය හා තවදුරටත් ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන් සම්බන්ධයෙන් හඳුනා ගැනීම සඳහාත් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා විසින් ජාත්‍යන්තර කෘෂිකර්ම සංවර්ධනය සඳහා වූ අරමුදලෙහි (IFAD) උපසභාපති ඩොනල්ඩ් බ්‍රවුන් ,ආසියානු කලාපීය අධ්‍යක්ෂක නිජෙල් බ්‍රිට් සහ ශ්‍රි ලංකාව සහ මාලදිවයින වැඩසටහන් කළමනාකරු ට්රාර්රේක් කොට්බ් යන මහත්වරුන් සමඟ සාකච්ජාවක් අද (13) දින සිදු විය.
කෂිනි හපුආරච්චි