අනවසරයෙන් සගවා තිබූ වී මෙට්‍රික් ටොන් හැටක් වී අලෙවි මණ්ඩලයට ලබා දී ඇති බව වව්නියාව දිසා ලේකම් පී ඒ සරත්චන්ද්‍ර මහතා පවසනවා.
පාරිභෝගික සේවා අධිකාරි නිලධාරින් වව්නියාව ස්ථාන දෙකකදී මෙම වී තොග සිය භාරයට ගෙන තිබුණා. සගවා ඇති වී තොග සොයා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.
මේ අතර රුපියල් 37 කට තිබූ වී කිලෝවක් රුපියල් 55 දක්වා ඉහළ දමා තිබෙනවා. කොරෝනා වසංගතය හමුවේ ආර්ථික ගැටලු පවතිද්දි රජය තම වී තොග ඉහළ මිලකට ලබා ගැනීමට ක්‍රියා කිරීම අගය කරන බවයි පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව සදහන් කරන්නේ.