යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ වව්නියාව තේක්කවත්ත ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇඟලුම් කර් මාන්ත ශාලාවක කොරෝනා පොකුරක අවදානමක් පවතින බවටත් මේ වන විට එහි සේවකයින් 21 දෙනෙකු කොරෝනා ආසාදිතයින් වශයෙන් හඳුනාගෙන ඇති බවට වව්නියාව සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.
මෙම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයින් 1700 ක් පමණ සේවය කරන අතර ආසාදිත සේවකයින් වව්නියාව නගරයේ මෙන්ම නගරයෙන් පිටත් පදිංචිකරුවන්ද සිටින බවටත් ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වූ ආකාරය පිළිබඳව හඳුනාගනිමින් සිටින බවටද සෞඛ්‍ය පරික්ෂක වරුන් පවසා සිටියහ.
තේක්කවත්ත ප්‍රදේශයේ පිහිටි අදාල ඇඟලුම් කර්මාන්ත ශාලවේ සේවකයින් කිහිප දෙනෙකු අසනීප තත්වයෙන් රෝහල්ගත කිරීමෙන් පසුව සිදු කරන ලද පී.සී.ආර්. පරික්ෂණයකදී අදාල ආසාදිතයින් වාර්ථා වී ඇත.
මේ අනුව අදාල ආසාදිත සේවකයින් මේ වන විට රෝහල්ගත කොට ඇති අතරම ආසාදිත සේවකයින් සමීප ඇසුරු කරන්නන් හඳුනාගනිමින් ඔවුන් නිරෝධායනය කොට පී.සී.ආර්. පරික්ෂණයන් සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති බවටද වව්නියාව සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය වැඩිදුරටත් පැවසීය.