දිවයිනේ බොහෝ දිස්ත්‍රීක්කයන්හි ඇඳිරිනීතිය අද (28) දින ඉවත් වුවද වවුනියාව දිස්ත්‍රීක්කය වසා තැබීමට පියවර ගෙන ඇති බවට වවුනියාව දිසාපති සමන් බන්ධුලසේන මහතා කියා සිටියේය.
වවුනියාව මහකච්චකොඩිය ප්‍රදේශයෙන් හමුවූ කොරෝනා ආසාදිත නාවික සෙබලා වවුනියාව දිස්ත්‍රීක්කයේ රාජ්‍ය ආයතන ඇතුලු වවුනියාව නගරයේම සැරිසැරීම හේතුවෙන් අද දිනයේදී වවුනියව නගරයේම පූර්ණ විෂබීජහරණයක් සිදු කිරීමට පියවර ගෙන ඇති බවටද වවුනියාව දිසාපතිතුමන් කියා සිටියේය.
ඊයේ (27) සවස වවුනියව දිස්ත්‍රීක්ලේකම් කාර්යාලයේදී පැවති රැස්වීමකදී වවුනියාව වෙළඳසංගමය විසින් කොරෝනා ආසාදිතයෙකු වාර්තාවීම හා ආසාදිතයා නගරය පුරා සැරිසැරීම යන කරුණු සැලකිල්ලට ගෙන වවුනියාව නගරය අද (28) දිනයේදී වසාතබන ලෙසට කරන ලද ඉල්ලීමකට අනුව වවුනියාව දිසාපති කාර්යාලය විසින් මෙම තීරණය ගෙන ඇත.
මේ අනුව වවුනියාව නගරසභාව, මහජන සෞඛ්‍ය කාර්යාලය හා පොලීසිය එක්ව අද දිනයේදී වවුනියාව නගරයේ ජනතාව ගැවසෙන පොදු ස්ථාන සියල්ලක්ම හා රාජ්‍ය ආයතන පූර්ණ විෂබීජහරණයක් සිදු කිරීමට පියවර ගෙන ඇත.