කොරෝනා වෛරසය ආසාදිතයින් සැරිසැරීමක් හේතුවෙන් වව්නියාව නගරයේ පිහිටි ප්‍රධාන මාර්ග 3ක් වසා එහි වෙළඳසැල්හි වෙළඳුන් සහ සේවකයින් හදීසි පී.සී.ආර්. පරික්ෂණයකට යොමු කොට ඇති අතර වෙළඳසැල් දෙකක් අද (06) දින වසා දැමීමටද පියවර ගත් බවට වව්නියාව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.
වව්නියාව පට්ටානිචූර් ප්‍රදේශයේ කොරෝණා ආසාදිත පිරිස් අදාල වෙළඳැසැල්හි සැරිසරා ඇති බවටත් ඊට අමතරව වෛරසය ආසාදිතයින් සමීපව ඇසුරු කරන ලද පුද්ගලයින් අදාල මාර්ග තුනේ පිහිටි වෙළඳසැල්හි සැරිසරන බවට තොරතුරු ලැබීමත් සමග සෞඛ්‍ය නිලධාරීන් , පොලීසිය හා යුදහමුදාව එක්ව මෙම පියවර ගනු ලැබීය.
වව්නියාව පට්ටානිචූර් ගම්මානයේ පසුගිය දින තුනක කාලය තුලදී කොරෝනා වෛරසය ආසාදිතයින් 7 දෙනෙකු එක වරම වාර්ථා වීමත් සමග ආසාදිතයින් වව්නියාව නගරයේ සැරිසරා තිබීමත් හේතුවෙන් සෞඛ්‍ය නිලධාරීන් සහ පොලීසිය සෞඛ්‍ය ආරක්ෂිත පියවරයන් අනුගමනය කරමින් සිටියි.
මේ අනුව වව්නියාව නගරයේ පිහිටි බසාර් වීදිය, ධර්මලිංගම් වීදිය, මාර් කට් මාර්ගය් වසා දමමින් අදාල මාර් ගයන්හි පිහිටි වෙළඳසැල්හි වෙළෙන්ඳන් සහ සේවකයින් හදීසි පී.සී.ආර්. පරික්ෂණයන්ට යොමු කරනු ලැබීය.
එමෙන්ම පට්ටානිචූර් කොරෝණා ආසාදිතයින් ඇසුරු කරන ලද වෙළෙඳසැල්හි හිමිකරුවන් සහ සේවකයින් නිරෝධායනය කිරීමටද සෞඛ්‍ය නිලධාරීන් විසින් පියවර ගනු ලැබීය.