වව්නියාව තානායමේ කලමණාකරු ඇතුලු සේවකයින් දෙදෙනෙකුට පහර දී තර්ජනය කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් වව්නියාව නගරසභා සභාපති රාසලිංගම් ගෞතමන් අද (15) දින ඇම මත මුදහල බවට වව්නියාව පොලීසිය පවසයි.
නගරසභා සභාපතිවරයා විසින් වව්නියාව තානායමේ කළමනාකරුට තර්ජනය කොට දේපලවලටද හානි කොට මුරකරුවන් දෙදෙනෙකුට පහරදීම හේතුවෙන් එක් මුරකරුවෙකු තුවාල ලබා වව්නියාව මහරෝහලට ඇතුලත් කරුනු ලැබීය.
අදාල සිදුවීම සම්බන්ධයෙන් තානායමේ කළමනාකරු වව්නියාව පොලීසියට සිදුකරන පැමිණිල්ලකට අනුව නගරසභා සභාපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගනු ලැබීය.
වව්නියාව වගරසභා සභාපතිවරයා විසින් මෙලෙස පහරදී හා තර්ජනය කිරීමට හේතුව වශයෙන් නගරසභාවට අයත් තානායමේ බදුමුදල් මාසතුනකින් ලබා නොදීම බවට තොරතුරු වාර්ථාවන අතර වව්නියාව පොලීසිය වැඩිදුර පරික්ෂණ මෙහෙයවයි.