ෙඅද (09දා) පෙ.ව. 8.30න් අවසන් වූ පැය 24 තුළ දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 38.5ක් ලෙස වව්නියාව ප්‍රදේශයෙන් වාර්තා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.0 සුපුරුදු පරිදි නුවර එළියෙන් වාර්තා වී තිබේ.
මේ අතර ඊයේ දිනයේදී උපරිම වර්ෂාපතනය මොණරාගලින් මිලි මිටර් 87.8ක් ලෙස වාර්තා වී තිබේ. මේ අතර දහවල් කාලය තුළ ලංකාවේ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 02 සිට 04 දක්වා වැඩිවී තිබේ.