වව්නතිව් පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කිරීමේ සිදුවීමට සැකකරුවන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අණාවරණය කර ගෙන තිබේ.
පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් වැඩිදුර කළ ප්‍රශ්ණ කිරීම්වලදි මෙම අණාවරණයන් කරගෙන ඇත.
ඝාතනය කිරිමෙන් අනතුරුව එම පොලිස් නිලධාරින්ගේ රිවෝල් අවි දෙක ඝාතනයන් විසින් පැහැරගෙන ගොස් ඇති අතර එම අවි දෙකකද සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්විය.
එසේම මාවනැල්ලේදී අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුට වෙඩි තැබීමේ සිදුවීමටද මෙම සැකකරුවන් සම්බන්ධ වී තිබේ.
ඒ සඳහා ඔවුන් යොදාගෙන ඇත්තේද එම රිවෝල්වර අවි දෙකයි.