තිළිණපත්වලින් නිල ඇදුම් මිලදී ගැනීමේ දී පාසල් සිසු දරු දැරියන් වෙත කිසිදු බලපෑමක් සිදු නොකර ඒ සම්බන්ධව නිකුත් කර ඇති 41/2018 චක්‍රලේඛය අනුව කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.
ඇතැම් නිලධාරීන් සහ විදුහල්පතිවරුන් තෝරාගත් වෙළඳ ආයතන ප්‍රවර්ධනය කරන බවට සහ දෙමව්පියන් වෙත බලපෑම් සිදුකරන බවට අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලැබෙන පැමිණීලි සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.
ඒ අනුව එම චක්‍ර ලේඛයන් උල්ලංඝනය කරන්නන් වෙත වියානානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.