සංවිධානාත්මක පාතාල කල්ලිනායකයකු වු වෙලාසුදා සමග සමීප සම්බන්ධතා පැවැත්වූ සැකකරුවකු හා ඔහුගේ නිවසේ සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (09දා) රාත්‍රි හෙරෙයින් මිලිග්රැම් 1300ක් සමග ඉමදූව ඇල්ලලගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත්බැව් ඉමදුව පොලීසිය පවසයි.
සැකකරු සමග සිටි අනික් සැකකරුවන් දෙදෙනා ප්‍රශ්න කිරිම සඳහා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් කොහුවල නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙති.
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ත්‍රිරෝද රථ රියදුරකු වන කනත්ත චූටි යන අන්වර්ත නාමයෙන් හදුන්වන අයකු බවද පොලිසිය පවසයි. 47හැවිරිදි වියේ පසුවන සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ රුපියල් 37,500ක මුදලක්, ජංගම දුරකථන 04ක් බැංකු ගිණුමට අදාළ පාස්පොතක් පොලිසිය මගින් සොයාගෙන ඇත. සැකකරුගේ බැංකු ගිණුම පිළිබද කරණු ලැබු පරික්ෂාවේ දි දි 2019 වර්ෂයේ සිටි 2020 ජනවාරි මාසය දක්වා රුපියල් ලක්ෂ 20කට වඩා වැඩිමුදල් ප්‍රමාණයක් සංසරණය වි ඇති බව අනාවරණය වු බවද පොලිසිය පවසයි.
සැකකරු සම්බන්දයෙන් කරණු ලැබු විමර්ශනයේ දි ඔහු වෙලේ සුදා යන අයගේ බිරිදගේ වැඩිමහල් සහෝදරිය සමග මිට පෙර විවාහ වී ඇති අතර දරුවන්ද සිටින බව පොලිසිය පවසයි. පසුව සැකකරුවිසින් එම විවාහයෙන් වෙන්වී වෙනත් විවාහයක් කරගෙන ඇති බව විමර්ශනවලදි අනාවරණය වි ඇත. එමෙන්ම දැනට බන්ධනාගාරතව සිටින වෙලේ සුදා යන අයට බන්ධනාගාරයට අවශ්‍ය පහසුකම් සැපයිමට මෙම සැකකරු කටයුතු කර ඇති බව පරික්ෂණවලදි අනාවරණය වූ බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු විසින් අසාමාන්‍ය ලෙස මුදල් පරිහරණය කරණ බවට පොලීසියට තොරතුරු ලැබී ඇති බවද පරික්ෂණවලදි අනාවරණය වි ඇත. සැකකරුගේ බැංකු ගිණුම් වාර්තා හා දුරකථන වාර්තා අධිකරණ නියෝගයක් මගින් ලබාගෙන ඉදිරි විමර්ශන කටයුතු පවත්වාගෙන යන බවද පොලිසිය පවසයි.