බන්ධනාගාරගතව සිටින මහාපරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු වන වෙලේසුදාගේ මස්සිනා අද (14) ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු ඔහු මෙම මස 21 වැනිදින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය.
එදිනට රස පරික්ෂණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් පොලිසියට නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරණු ලැබුවේ ජාගොඩගේ වසන්ත පුෂ්පකුමාර නොහොත් පහල කනත්ත චුටි නැමැති අයෙකි. ඉකුත් 10 වැනිදින ඉමදුව ඇල්ලගොඩ ප්‍රදේශයේදි මොහු ඉමදුව පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබිය.
එදින සැකකාර පුද්ගලයා ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර මෙකි සැකකරුගෙන් තවදුරටත් රදවාගෙන ප්‍රශ්න කිරිම සදහා ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගෙන් පොලිසිය විසින් අවසර ඉල්ලා සිටි අතර ඒ අනුව ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරුගෙන් දින 07ක කාලයක් රදවාගෙන ප්‍රශ්න කිරිම සදහා අවසර ලබාදුන්නේය.
සැකකරු හෙරෝයින් මත්කුඩු මිලිග්රැම් 1300ක් සමග පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිය.
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ත්‍රිරෝද රථ රියදුරකු වන අතර පහලින් කනත්ත චුටි යන අනවර්ත නාමයෙන් හදුන්වන අයකු බවද පොලිසිය පවසයි. 47හැවිරිදිවියේ පසුවන සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ රුපියල් 37,500ක මුදලක්, ජංගම දුරකථන 04ක් බැංකු ගිණුමට අදාල පාස්පොතක් පොලිසිය මගින් සොයාගෙන ඇත. සැකකරුගේ බැංකු ගිණුම පිළිබද කරණු ලැබු පරික්ෂාවේදි 2019 වර්ෂයේ සිට 2020 ජනවාරි මාසය දක්වා රුපියල් ලක්ෂ 20කට වඩා වැඩිමුදල් ප්‍රමාණයක් සංසරණය වි ඇති බව අනාවරණය වු බවද පොලිසිය පවසයි.
සැකකරු සම්බන්ධයෙන් කරණු ලැබු විමර්ශනයේ දි ඔහු වෙලේ සුදා යන අයගේ බිරිදගේ වැඩිමහල් සහෝදරිය සමග මිට පෙර විවාහ වි ඇති අතර දරුවන්ද සිටින බව පොලිසිය පවසයි. පසුව සැකකරුවිසින් එම විවාහයෙන් වෙන්වි වෙනත් විවාහයක් කරගෙන ඇති බව විමර්ශනවලදි අනාවරණය වි ඇත. එමෙන්ම දැනට බන්ධනාගාරගතව සිටින වෙලේ සුදා යන අයට බන්ධනාගාරයට අවශ්‍ය පහසුකම් සැපයිමට මෙම සැකකරු කටයුතු කරඇති බව පරික්ෂණවලදි අනාවරණය වු බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු විසින් අසාමාන්‍ය ලෙස මුදල් පරිහරණය කරන බවට පොලිසියට තොරතුරු ලැබි ඇති බවද පරික්ෂණවලදි අනාවරණය වි ඇත.
ඉමදුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක උපුල් කුමාර මහතාට ලද තොරතුරකට අනුව ඔහු ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරණු ලැබිය.