කලුතර කැලිඩෝ වෙරළ තීරය, අඟුලාන වෙරළ තීරය, ගල්කිස්ස වෙරළ තීරය කෘතිම වැලි පෝෂණය කිරීමේ ව්‍යාපෘතිය තාවකාලිකව නවතා දැමීමට කටයුතු කළා නම් එම ව්‍යාපෘතිය මෙහෙය වූ විදේශීය සමගමට පැයකට රුපියල් ලක්ෂ 2 බැගින් ගෙවීමට සිදුවන බව වෙරළ සංරක්ෂණ හා වෙරළ කළමනාකරණය කිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පැවැසීය.
“ලෝකයේ දැනට පිළිගත් හොඳම ක්‍රමය කෘතිම වැලි පෝෂණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමයි. මේ සඳහා අධික මිලක් වැයවෙනවා.
කලුතර කැලිඩෝ වෙරළ තීරයත්, රත්මලාන සිට අඟුලාන වෙරළ තීරයත්, ගල්කිස්ස වෙරළ තීරයත් වෙරළ ඛාදයෙන් පීඩා වින්දා.
මේ සඳහා කෘතිම වැලි පෝෂණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළා. මේ සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළා. එයට අමාත්‍ය මණඩලයේ අනුමැතිය ලැබුණා.
මේ ව්‍යාපාතිය කලුතර කැලිඩෝ වෙරළ තීරයෙන් ආරම්භ කළා. කෘතිම වැලි පෝෂණ ව්‍යාපෘතිය සඳහා වැලි ලබාගෙත්තේ රත්මලානේ සිට කිලෝමීටර් දෙකක එහායින් තිබුණ වැලි නිධියෙන්.
මේ සඳහා අපි වැලි කියුබ් ලක්ෂ 8ක් යොදා ගත්තා. මේ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 890ක්. ලංකාවට මේ තාක්ෂණය නැති නිසා විදේශීය සමාගමට පිරිනැමුවේ.
ඇඳිරි නීතිය කාලයේත් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළා. මෙම ව්‍යාපෘතිය අතරමග නැවතීමේ හැකියාවක් තිබුනේ නෑ. අපි මෙම ව්‍යාපෘතිය නැවැත්තුවානම් විදේශීය සමාගමට එක පැයකට රුපියල් ලක්ෂ 2ක මුදලක් ගෙවීමට සිදුවෙනවා.
ඒ ගෙවීමට සිදුවන්නේත් මේ රටේ බදු ගෙවන ජනතාවගේ මුදල්. අපි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළේ අවසරය අනුවයි. මේ හරහා ජනතාවගේ දේපළ ආරක්ෂා වී තිබෙනවා. ධීවර කටයුතු කරගෙන යන්න පුළුවන් සංචාරක ව්‍යාපාරයටත් හිතකර වෙනවා. රටට අහිමි වූ වෙරළ නැවත ලැබී තිබෙනවා”