තබ්බෝව අභය භුමියට අයත් නවගත්තේගම රළපනාව වැවේ ජලය සිදියාමත් සමග වැලි ජාවාරම් කරුවන් විසින් වැලි කැණීම සිදුවිමේන් දැවැන්ත පරිසර විනාශයක් සිදුව ඇති බව ජනතාව කියයි.
දැනට මාසයක පමණ සිට මෙම වැලි ජාවාරම සිදුවෙමින් පවතින බවත් ගම්වාසින් පවසති.
ඉදිරි වැසි සමයත් සමග වැව පිරි යාමේන් පසුව වැව භාවිතා කරන ජනතාව දැඩි අවධානම් තත්වයකට මෙම වැලි ගොඩ දැමිම නිසා මුහුන දිමට සිදුවන බවද ජනතාව චෝදනා කරති.
රළපනාව වැව නවගත්තේගම හා කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොඨඨාස දෙකටම අයත් වන බවත් එසේම කරුවලගස්වැව හා නවගත්තේගම පොලිස්ථාන දෙකකටම අයත් වන බවද කියයි.
අක්කර 100 ක පමණ ජල ධාරිතාවයකින් පෝෂණය වන මෙම වැව යටතේ කුඹුරු අක්කර 70 වකට ආසන්න ප්‍රමානයක් ඇති බව කියයි.
මේ දිනවල පවතින නියං තත්ත්වයත් සමග සිදියමින් ඇති වැවේ පිටියේ මතුපිට පස් අඩි කිපයක් ඉවත් කරමින් වැලි ජාවාරම සිදුවන බව කියයි.
මෙම වැලිජාවාරම පිටුපස ප්‍රදේශයේම ව්‍යාපාරිකයින් කිප දෙනෙකු සිටින බවත් මොවුන් බලහත්කාරයෙන් ගම්වැසියන් බිය වද්දා වැලි ජාවාරම සිදුකරන බවට තොරතුරු ලැබි තිබේ .
අදාල ව්‍යාපාරිකයින් පිරිස භු විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය හා අනිකුත් ආයතන මගින් වැලි ප්‍රවාහනයට ලබා ගෙන ඇති අවසරය ප්‍රයෝජනයට ගනිමින් මෙම ජාවාරම ක්‍රියාත්මක කර ඇති බව ජනතාව චෝදනා එල්ල කරති.
වැලි ජාවාරම්කරුවන් විසින් 20 කට වැඩි පිරිසක් යොදා ගනිමින් රාත්‍රිය පුරා වැව් පිටිය හාරා වැලි ගොඩ දැමිම සිදුවන බවත් ඉන්පසුව අලුයම් කාලයේ ටිපර් හා ට්‍රැක්ටර් යොදා ගනිමින් වැලි ඇදිම සිදුවන බව කියයි.
මේ පිළිබදව කල විමසිමේදි අදහස් දැක්වු රළපනාව වැව අයත් රාහුල ගොවි සංවිධානයේ සභාපති එච් .ඒ .සෙල්ල වන්නිහාමි මහතා පවසා සිටියේ මෙවැන්කී .
“ මේ පිළිබදව අපි පොලිසි වලට හා අදාල බළධාරින්ට දන්වා තිබෙනවා . පොලිසිය අවස්ථා කිපයකදි කිප දෙනෙකු අත්අඩංගුවට ගත්තා . නමුත් මෙය නවත්වන්න අමාරුයි . අපිට මෙය කරන්න බැහැ යැයි ඔහු පැවසිය.
මේ පිළිබදව කල විමසිමකදි නම සදහන් කිරිමට අකමැති රාජ්‍ය නිලධාරියකු පවසා සිටියේ මේ වන විට නවගත්තේගම ප්‍රදේශ ගණනාවක දරුණු ලෙස වැලි කැණිම් ඉහල ගොස් ඇති බවත් මහා පරිමාණයෙන් පරිසරය වනසමින් වැලි ජාවාරම සිදුවන නමුත් නිතිය ක්‍රියාත්මක විම ප්‍රමාද බවයි .
කෙසේ නමුත් මේ වන විට රළපනාව වැව් පිටිය පුරා දැක ගත හැක්කේ වැලි ලබා ගැනිමට හාරා ඇති විශාල වලවල් වලින් වැව විනාශයට යන ආකාරය බව සදහන් කල යුතුමය .