ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් මත ගුවන් හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ අධික්ෂණය යටතේ වැලිසර ස්වසන රෝග පිළිබද ජාතික රෝහලේ අංක 11 සහ 12 යන වාට්ටු නිරෝධායන කටයුතු සඳහා යොදා ගැනිමට ගුවන් හමුදාව විසින් කටයුතු කරන ලදි.
ගුවන් හමුදාව විසින් පැය 24 පුරාම ක්‍රියාත්මක ගුවන් හමුදා වෛද්‍ය හා හා හෙද කාර්යමණ්ඩලයක් මෙහි සේවයට සිටි අතර මෙම වාට්ටු තුල පුද්ගලයින් 41 දෙනෙකු සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් විමෙන් අනතුරුව අද (23) සිය නිවෙස් වෙත පිටත් කරන ලදි.