වැලිසර නාවික හමුදා කඳවුරට අනුබද්ධව පිහිටා ඇති මහසෙන්,ගැමුණු,ලංකා,සහ තක්සිලා යන කඳවුරු අතරින් මේ වනවිට වැඩිම කොරෝනා ආසාදිතයන් ගණනක් හමුවි ඇත්තේ මහසෙන් කඳවුරින් බව වැලිසර නාවික හමුදා කඳවුරේ උසස් නිලධාරියෙකු පැවසිය.
මේ අතර වැලිසර නාවිකා හමුදා කඳවුරු සංකිර්ණයේ කොරෝනා වෛරසය නිසා උද්ගත වී ඇති වත්මන් තත්ත්වය පීළිබදව අධීක්ෂණය කිරිම සදහා නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා විසින් කොමදෝරු ප්රසන්න හේවගේ මහතා පත්කොට ඇත.
මේ අතර වැලිසර නාවික හමුදා කඳවුරු සංකිර්ණයේ මහසෙන් කඳවුර රතු කලාපයක් (අවදානම්) කලාපයක් ලෙස නම්කර ඇති බව වැලිසර නාවික හමුදා ආරංචි මාර්ග පවසයි.
ජාඇල තිස්ස කොටින්කඩුව