වැල්ලවාය පොලිස් ස්ථානයේ සේවයකරන නිලධාරීන් විසිඑක් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනයවී තිබේ.
ආසාදිත නිලධාරීන් ඇසුරු කළ නිලධාරීන් 78 දෙනෙකු නිවෙස් වල නිරෝධායන වෙමින් සිටී.
පොලිස් ස්ථානාධිපතිවරයාද නිරෝධායනයවී සිටින අතර දැනට බඩල්කුඹුර පොලිස් ස්ථානයේ සේවය කළ පොලිස් පරීක්ෂක එල්.කේ.ජේ.එස් ලිහිණිකඩුව මහතා වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස පත්කොට ඇත.
මොනරාගල සුමනසිරි ගුණතිලක