වැල්ලම්පිටිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ජී.එස්. හේවාවිතාරණ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ගාල්ල කොට්ඨාසය වෙත මාරු කර තිබේ.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි සේවයේ අවශ්‍යතාව මත වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම ස්ථානමාරුවිම් ලබාදිමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.
පාස්කු ඉරිදා ප්‍රහාරයේදී මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුට අයත්ව තිබූ වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සේවය කළ සේවකයන් තිදෙනෙකු එම ප්‍රහාරයට සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණි.
කෙසේ වෙතත් පසුව ඔවුන්ට ඇප ලබාදීමට අධිකරණ්ය කටයුතු කළේය. සැකකරුවන්ට ඇප දිමේදි වැල්ලම්පිටිය පොලීසිය අතින් යම්කිසි වැරැද්දක් සිදුවී ඇතිද යන්න බැලීම සඳහා පරික්ෂණයක් පැවැත්වෙන අතර එහි අතුරු වාර්තාවක්ද පසුගියදා නිකුත් කළේය.