ඒකාබද්ධ විපක්ෂය දෙකඩ නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පක්ෂය හැර නොයන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අපවත් වී වදාල අමරපුර මූලවංශික මහා නිකායේ මහානායක අතිපූජ්‍ය කොස්ගොඩ සරණංකර තිස්ස නාහිමියන්ගේ ශ්‍රි දේහයට අවසන් ගෞරව දැක්වීම කොස්ගොඩට පැමිණි අවස්ථාවේ මහින්ද රාජපක්ෂ මහතා මේ බව ඊයේ (25දා) ප්‍රකාශ කළේය.
“ඒකබද්ධය කැඩෙන්නේ නෑ. වෙල්ගම මහත්තයාගේ කිසිම ගැටලුවක් නෑ. අවවාද කරන්න දේකුත් නෑ. එයා අපේ පක්ෂයේ ඉන්න ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක්. එතුමා එහෙම කැඩිලා යන වචන කියලා නෑ.”