පොළොන්නරුව හා අවට දිස්ත්‍රික්කවල නිරෝධායන මධ්‍යස්ථානවලින් නව කොරෝනා වෛරස් ආසාදිතයින් වැඩි පිරිසක් හමුවීමත් සමග වැලිකන්ද කොරෝනා විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානය මේ වන විට ආසාදිතයින්ගෙන් පිරී ගොස් ඇතැයි ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය සරත් ජයසිංහ මහතා පවසයි.
ඉකුත් දින කිහිපය තුළ මින්නේරිය කන්දකාඩු හා අනෙකුත් නිරෝධායන මධ්‍යස්ථානවලින් නව කොරෝනා ආසාදිතයින් වාර්තාවීමත් සමග මේ තත්ත්වය උදා වී ඇතැයි ද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.
කෙසේ වෙතත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නිරෝධායන මධ්‍යස්ථාන 09ක් පවත්වාගෙන යන බවත් මේ වන විට නවතම රෝගීන් ඉරණවිල හා හෝමාගය යන කොරෝනා විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත මාරු කර හරින බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
පොළොන්නරුව මහ රෝහලේ හා වැලිකන්ද විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා පැවසුවේ නාවික හමුදා සදහා ඉඩකඩ ලබා ගැනීම සදහා ඊයේ (25) රාත්‍රියේ රෝගීන් 12ක් හෝමාගම රෝහල වෙත මාරු කර යැවූ බවයි.
මේ වන විට වැලිකන්ද රෝහලේ රෝගීන් 70ක් පමණ සිටින බවද ඒ මහතා පැවසීය.
ප්‍රාදේශීය සෞඛ්‍යසේවා අධ්යක්ෂවරයා පවසන්නේ පොළොන්නරුවේ ජනතාව තවදුරටත් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් දෛනික කටයුතුවල යෙදිය යුතු බවයි.