මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ නගරාන්තර ශීඝ්රගාමී දුම්රියේ වනඅලි තිදෙනෙක් ගැටීමෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.
පොලොන්නරුව වැලිකන්ද ප්රදේශයේදී මෙම අනතුර ඊයේ රාත්රියේදී සිදුව තිබුණි. අනතුර හේතුවෙන් දුමිරියේ මැදිරි හතරක් පීලි පැන තිබේ.
දුම්රිය මාර්ගයටද හානි සිදුව ඇත.
පොලොන්නරුව තුෂාර තෙන්නකෝන්