වැලිකඩ බන්ධනාගාරයේ සිට සහ ඕමානයේ සිට මෙහෙයවන බව පැවසෙන මත්කුඩු ජාලයකට සම්බන්ධ කාන්තාවක් ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු ලක්ෂ 30කට අධික හෙරොයින් සමග කලපළුවාව හා මාලබේ ප්‍රදේශවලදී පසුගියදා අත්අඩංගුවට ගත් බව තලංගම පොලීසිය පවසයි.
සැකකරුවන් සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් 170ක්,ජංගම දුරකථන 06ක්, මෝටර් රථයක්සහ ත්‍රීරෝද රථයක් පොලිස් භාරයට ගෙන තිබේ.
සැකකාර කාන්තාව රුපියල් ලක්ෂ 20කට අධික මුදලක හොරොයින් ග්‍රෑම් 101ක් සමග කලපළුවාවේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඇය සතුව රුපියල් 30,000ක මුදලක්ද තිබූ බව පොලීසිය සඳහන් කළේය.
සැකකාරියගේ සැමියා වැලිකඩ බන්ධනාගාරයේ රිමාන්ඩ් භාරයේ සිටින බවත්, ඔහු දුරකථනයෙන් ලබා දෙන ඇණවුම් අනුව සැකකාරිය අදාළ ස්ථානවලට හෙරොයින් බෙදා හරින බවත් පොලීසිය පැවසීය.
සැකකාරිය හොරොයින් බෙදාහැරීම සඳහා යොදාගනු ලබන මෝටර් රථයක්ද පොලීසිය භාරයට ගෙන ඇත.
මෙම සැකකාරිය හොරොයින් ජාවාරම සම්බන්ධයෙන් මීට පෙර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඒ වනවිට ඇප මත සිටි බව පොලීසිය පැවසීය.
මේ අතර ත්‍රීරෝද රථයකින්හෙරොයින්ජාවාරමේ නිරතව සිටි සැකකරුවෙකු හොරොයින් ග්‍රෑම් 30ක් සමග මාලඹේප්ර‘දේශයේදී පසුගියදා පොලීසිය අත්අඩංගුවට ගෙන තිබිණි.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු මාලඹේ ප්‍රදේශයේ බැංකුවකින් වෙනත් පුද්ගලයෙකුගේ ගිණුමකට රුපියල් ලක්ෂ 22කට අධික මුදලක් තැන්පත් කළ රිසිට්පතක්ද තිබී ඇත.
හෙරොයින් ජාවාරමෙන් උපයා ගන්නා මුදල මෙම සැකකරු කිසියම් ජාවාරම්කරුවෙකුගේගිණුමකට තැන්පත් කරන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.
මෙම සැකකරු ඕමානයේ වෙසෙන 'මුතූ' නමැති කාන්තාවගේ හෙරොයින් මෙලෙස ජාවාරම් කරන බව හෙළි වූ බව පොලීසිය සඳහන් කළේය.
වැලිකඩ බන්ධනාගාර කැරැල්ලේදී ඝාතනයට ලක්වූ කළු තුෂාර නමැති සංවිධානාත්මක අපරාධකරුගේ කල්ලිය සමගද මෙම සැකකරුගේ සම්බන්ධයක් ඇති බවටද තොරතුරුහෙළිවී ඇතැයි පොලීසිය පැවසීය.