හෙරොයින් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 500ක් සමග වැලිකඩ බන්ධනාගාරයේ නියාමකවරයෙක් අත්අඩංගුවට ගත්බව පොලීසිය පවසයි.
කළුතර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (12දා) දහවල් කළුතර - හොරණ මාර්ගයේ 01 කණුව අසළදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
අවුරුදු 51ක් වන ජාවත්ත, කළුතර උතුර පදිංචිකරුවෙක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද දිනයේදී කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.