මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින සමන් පුෂ්ප කුමාර නොහොත් මරාල සුරංග යන අයට සයනයිඩ් කුප්පි දෙකක් හා සිලිංජර දෙකක් ලැබුණ ආකාරය පිළිබඳව බොරැල්ල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
ඔහුට ප්‍රතිවිරුද්ධ කණ්ඩායමක සාමාජිකයන් දෙදෙනෙකු ඝාතනය කිරීමට මෙම සයනයිඩ් බන්ධනාගාරයට ලැබී ඇතිබවට ප්‍රශ්න කිරිම්වලදි අණාවරණය වි තිබේ.
වැලිකඩ රැඳවියෙකුට සයනයිඩ් කුප්පි දෙකක් හා බෙහෙත් ඒන්නත් කරන සිලිංජර දෙකක් ලැබී ඇති බවට බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණ තොරතුරක් මත මෙම විමර්ශන කර තිබේ.
ඒහිදී සයනයිඩ් අඩංගු බවට සැකකෙරන කුප්පි දෙකක් සයනයිඩ් යම් ප්‍රමාණයක් පිරවූ බවට සැකකරන සිලිංජර දෙකක් සමග මෙම මරාල සුරංග යන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.