බදුල්ලේ මේ දිනවල පැතිරයන වෛරස් උණක් නිසා ජනතාව දැඩි පීඩනයකට පත්ව සිටිති.
බදුල්ල මහ රෝහලේ වාට්ටු මෙන්ම පෞද්ගලික රෝහල්වලද වාට්ටු මෙම රෝගින්ගෙන් පිරී ගොස් තිබේ. දින කීපයක් මෙම උණ තත්ත්වය පවතින අතර ඇඟපත පණ නැතිවීම, වේදනාව, කෑම අරූචිය වැනි තත්ත්වයන් මේ උනත් සමග මතුවන බව වෛද්‍යවරු පවසති.
කෙසේ නමුත් රුධිර පරීක්ෂාවන්ද සිදුකර ප්‍රතිකාර කීරිම වඩාත් යෝග්‍ය බවත්,වයස් බේදයක් නොමැතිව බාල, තරුණ, වයෝවෘද්ධ යන සෑම වයස් ඛාණ්ඩයකටම අයත් වූවන් මේ වෛරස් උණට වැලඳී සිටින බවද වෛද්‍යවරු පෙන්වා දෙති.
මීට අමතරව බදුල්ල නගර සීමාවෙන් ඉකුත් මාසය තුළ ඩෙංගු රෝගීන් 73ක් හමුවී ඇතත් ඩෙංගු කීට පරීක්ෂාව, දැනුවත් කිරීම හා නීතිය ක්‍රියාත්මක කිරීම යනාදි ක්‍රියාමාර්ග නිසා මේ මාසය වනවිට ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය විශාල ලෙස අඩුවී ඇතැයි බදුල්ල මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.
බදුල්ල - පාලිත ආරියවංශ