කොවිඩ්-19 වෛරසයේ සම්භවය පිළිබඳ පරීක්ෂණ දේශපාලනයෙන් විෂ වන බැවින්, වෛරසය සමග දේශපාලනය කිරීම දැන්වත් නවත්වන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජ්‍යේෂඨ නිලධාරියෙක් අවධාරණය කරයි.
සංවිධානයේ විධායක අධ්යක්ෂ ආචාර්ය මයිකල් රයන් ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටියේ විද්‍යාවෙන් දේශපාලනය වෙන් කර කටයුතු කරන ලෙසය.
"විද්‍යාව දේශපාලනයෙන් වෙන්කොට, අපට අවශ්‍ය පිළිතුරු නිසි, ධනාත්මක වාතාවරණයක් තුළ සොයා ගැනීමට හැකිවන ලෙස කටයුතු කරන ලෙස අප ඉල්ලා සිටිනවා. එමගින් ආචාර්ය ටෙඩ්රොස් (ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී) සැමවිටම පවසන පරිදි සහයෝගීතාවයෙන් විසඳුම් ලබාගැනීමට විද්‍යාව අපට ඉවහල් වෙනවා." විධායක අධ්යක්ෂවරයා කියා සිටියේය.
කොවිඩ්-19 හි මූලාරම්භය පිළිබඳව විමර්ශනය කරන ලෙස එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පසුගිය බදාදා රටේ බුද්ධි අංශවලට නියෝග කළේය. "වෛරසය ආසාදිත සතෙකු සමග මිනිස් සම්බන්ධතාවයෙන් හෝ රසායනාගාර අනතුරකින් මතුවී ඇත්ද" යන්න සොයා බැලීම බයිඩන්ගේ නියෝගය විය. කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය සහ චීනය එක්ව මාර්තු මස අගදී කරන ලද වාර්තාවකින් මෙසේ විද්‍යාගාරයකින් ඉස්මතු වූ න්‍යාය සම්පූර්ණයෙන්ම බැහැර කළේය.
එහිදී වෛරසය රසායනාගාරයකින් ඉස්මතු වූවක් යන න්‍යාය පිළිබඳව වැඩිදුර අධ්‍යයනයක් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයන් යෝජනා නොකළේ, එය අතිශයින්ම අසීරු හා දුර්ලභ කාරණයක් බව වාර්තාවෙන් පෙන්වා දෙමිනි. කෙසේ වෙතත් බොහෝ දුරට ඉඩ ඇති තත්ත්වයක් නම්, වෛරසය නාඳුනන සතෙකුගෙන් මිනිසුන් වෙත සම්ප්‍රේෂණය වන්නට ඇති බව යැයිද එම වාර්තාවේ සඳහන් විය.
මෙවැනි පසුබිමක කොවිඩ්-19 මූලාරම්භය විමර්ශනය කිරීමට ජෝ බයිඩන් නියෝග කිරීම හුදෙක් වොෂින්ටනයේ දේශපාලන හැසිරවීමක් බවට චීනය චෝදනා කරයි.
සැබෑ කරුණු හා විද්‍යාව දෙස ඇස් පියාගෙන නොසිටින ලෙස සඳහා එක්සත් ජනපදයට හඬ නඟමින් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාඕ ලිජියන් බ්‍රහස්පතින්දා බයිඩන්ගේ නිවේදනයට චෝදනා කළේය.
"ඔවුන් කරුණු හෝ සත්‍යය ගැන තැකීමක් කරන්නේ නැහැ. විද්‍යාව පදනම් කරගත් මූලාරම්භය පිළිබඳ බැරෑරුම් අධ්‍යයනයක් කෙරෙහි උනන්දුවක් දක්වන්නේ නැහැ. ඔවුන්ගේ පරමාර්ථය වන්නේ වසංගතය යොදාගෙන අපකීර්තිය හා දේශපාලන හැසිරවීම් කරමින්, එය වරද පැටවීම සඳහා යොදා ගැනීමයි." ජාත්‍යන්තර ප්රවීණයන්ගේ ඉල්ලීම්වලට චීනය ප්‍රතිචාර දැක්වූයේ විවෘත, විනිවිද පෙනෙන සහ සහයෝගීතාව ආරක්ෂා වන ආකාරයකින් බව ෂාඕ වැඩිදුරටත් කීවේය.
චීනයේ ආදර්ශය අනුගමනය කරමින් සහ එක්සත් ජනපදයේ පරීක්ෂණයක් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය සමග සහයෝගයෙන් කටයුතු කරන ලෙස ඔහු වොෂිංටනයෙන් ඉල්ලා සිටියේය.
"එක්සත් ජනපදය යල්පැනගිය සීතල යුද මානසිකත්වය අතහැර දමා චීනය දෙස විෂය බද්ධ හා සාධාරණ ආලෝකයකින් බැලිය යුතුයි" ෂාඕ තවදුරටත් සඳහන් කළේය.