ශ්‍රී ලංකාවේ වාර්ෂිකව සිය දිවි නසාගැනීම් 3000ක් පමණ වාර්තා වන බවත් පසුගිය වසර තුනක කාලය සලකා බැලූ විට 2017දී එම අගය වැඩියෙන් වාර්තා වී ඇති බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
2017 වසරේ වාර්තාවලට අනුව පිරිමින් 2586ක් සියදිවි නසාගෙන ඇති අතර කාන්තාවන් 677ක් සියදිවි නසාගෙන ඇත.
මෙම සියදිවි නසාගැනීම් අතරින් 19%ක් විවාහ ජීවිතයේ ගැටලු හා ප්‍රශ්ණවලට මුහුණ දී ඇත. තවත් 11.6%ක් දරුණු හා කල්පවත්නා රෝග හා ආබාධයන්ට මුහුණ දී තිබේ. 10%ක් මානසික ආබාධවලට ලක්වූවන් වන අතර 35.18% හෙවත් සිය දිවි නසා ගන්නා අය අතරින් තුනෙන් එකක් දිවි නසාගැනීමට බල පෑ කරුණු නිශ්චිත නොවන බවත් එම කාර්යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
මේ අනුව සියදිවි නසා ගැනීම් වාර්තාකරණයේදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් 12 දා එළිදැක්වීම සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ. එසේම අද (10දා) එනම් සැප්තැම්බර් 10 දා සිය දිවි නසා ගැනීම් වැළැක්වීමේ දිනයද වෙයි.