වකුගඩු රෝග නිවාරණයට රජය ගෙන යන පුළුල් වැඩපිළිවෙළ යටතේ මෙරට වකුගඩු රෝගින්ගේ සංඛ්‍යාව වාර්ෂිකව සැලකිය යුතු මට්ටමකින් අඩුවෙමින් පවතින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙයි.
ජනාධිපතිවරයා සඳහන් කළේ 2016 වසරේ අලුතින් එක් වූ වකුගඩු රෝගින්ගේ සංඛ්‍යාව 3372 ක් වූ අතර එය 2017 වසරේ 2478 ක් බවට පත්ව ඇති බවත්, 2018 වසරේ මේ වන විට වාර්ෂිකව එක් වන එම රෝගින්ගේ සංඛ්‍යාව 1500 ක පමණ අවම මට්ටමකට පැමිණ ඇති බවත්ය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ රුපියල් මිලියන 800ක වියදමින් ස්ථාපිත කරන ලද ප්‍රති ආශ්‍රැතිකරණ ජල පද්ධති 500හි පිරිසිදු පානීය ජලය අති උතුම් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වෙත පූජා කිරීමේ උත්සවයට සහ 500 වැනි ප්‍රති ආශ්‍රැතිකරණ ජල පද්ධතිය ජනතා අයිතියට පවරාදීමේ අවස්ථාවට අද (21දා) පෙරවරුවේ එක්වෙමිනි.
තමා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ අවස්ථාවේ දී මැතිවරණ ව්‍යාපාරයේ කටවුට් සහ පෝස්ටර් සඳහා ලැබුණු මුදල් තැන්පත් කර ඇරඹූ වකුගඩු අරමුදල අද පිළිගත් ශක්තිමත් ජාතික අරමුදලක් බවට පත්ව ඇති බවද ජනපතිවරයා සඳහන් කළේය.
ඒ යටතේ වකුගඩු රෝගින් වෙනුවෙන් පුළුල් වැඩකොටසක් ඉටුකරමින් සිටින බවත් ඒ සමඟ අත්වැල් බැඳගෙන සිටින රාජ්‍ය අංශයේ, පෞද්ගලික අංශයේ, ව්‍යාපාරික ක්ෂේත්රයේ මෙන්ම ජාත්‍යන්තරයේ ද සියලුදෙනා වෙත තම සිය ස්තූතිය පුද කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
එමෙන්ම රටේ අහිංසක ජනතාව මුහුණ දී ඇති මෙම ඛේදවාචකයෙන් ඔවුන් සම්පූර්ණයෙන් නිදහස් කර ගැනීම සඳහා එම සියලුදෙනාගේ සහය ඉදිරියට ද අපේක්ෂා කරන බවද වැඩිදුරටත් සඳහන් කළේය.