රටේ ආර්ථිකයට අහිතකර ආකාරයට වරාය තුළ සවිකර තිබෙන ස්කෑන් යන්ත්‍ර හය පිළිබඳව වර්තමාන ආණ්ඩුවට පැමිණිලි කළද මෙතෙක් ඒ පිළිබඳව සොයා බැලීමක්වත් සිදුකර නොමැති බව සමස්ත ලංකා රේගු සේවා සංගමය සඳහන් කරයි.
පසුගිය ආණ්ඩුව මගින් අත්සන් කළ ගිවිසුමකට අනුව අදාළ ස්කෑන් යන්ත්‍ර හය සවිකර තිබෙන බවත්, එහි පරීක්ෂණ කටයුතු මේ වනවිට අවසන් වී තිබෙන බවත් එම සංගමයේ ලේකම් ජේ.ඒ. ගුණතිලක මහතා අද (12දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
ස්කෑන් කරන එක් කන්ටේනරයකට ඩොලර් දහය බැගින් ගෙවීමට එකඟවී තිබෙන බවත්, අදාළ මුදල දෛනිකව කන්ටේනර් එක්දහස් එකසියයකට ගෙවන බවට ගිවිසුමට ඇතුළත් කර තිබෙන බවත් පවසා සිටියේය.
මේ හේතුවෙන් දිනකට කන්ටේනර් සියයක් පරීක්ෂා කළද කන්ටේනර් එක්දහස් එකසියයක් වෙනුවෙන් ඩොලර් එකොළොස් දහසක් ගෙවීමට සිදුව තිබෙන බවත්, මේ පිළිබඳව සොයා බලා ගිවිසුම සංශෝධය කරන ලෙසට මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් පසුගිය 05 වැනි දින ඉල්ලා සිටි බවද හෙතෙම සඳහන් කළේය.
එහෙත් වර්තමාන ආණ්ඩුව මෙතෙක් ඒ පිළිබඳව අවධානය යොමුකර නොමැති බවත්, පරීක්ෂණ කටයුතු අවසන් වී තිබෙන බැවින් ඕනෑම මොහොතක අදාළ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට අදාළ සමාගමට හැකියාව තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.
VIDEO