වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට අදාළ පනත් කෙටුම්පත සඳහා පැවැති ඡන්ද විමසීවිමසීමේදී ඡන්ද දෙකක් ගණනය නොවීම පිළිබඳව කෙරෙන චොදනා ගැන පරීක්ෂණ දෙකක් ආරම්භ කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.
අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා හා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා කළ ලිඛිත ඉල්ලීම් අනුව මෙම පරීක්ෂණ ආරම්භ කර තිබේ.
ඒ අනුව පාර්ලිමේන්තුවේ විද්‍යුත් ඡන්ද පද්ධතියේ යම් දෝෂයක් ඇත්දැයි යන තාක්ෂණික කරුණ පිළිබඳව සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට කථානායකවරයා විසින් තොරතුරු හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්තද සිල්වා මහතා වෙත දැනුම් දී තිබේ.
මීට අමතරව මේ පිළිබඳව සොයා බලා පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කිරීමට හිටපු පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික කිතුල්ගල මහතාට පවරා තිබේ.