පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙසට ඉල්ලා ගොනු කර ඇති විශේෂ පෙත්සම්වලට අදාළ වැඩිදුර වාචික දේශන හෙටට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.
අද දිනයේදී පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ, ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඉක්රාම් මොහොමඩ්, නීතිඥ රජිත කොඩිතුවක්කු සහ නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු යන අය පෙත්සම්කරුවන් වෙනුවෙන් සිය අදහස් ඉදිරිපත් කර තිබෙනවා.
පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙසට ඉල්ලා ගොනු කර ඇති විශේෂ පෙත්සම් වලට එරෙහිව පාර්ශවයන් කිහිපයක් අතරමැදි පෙත්සම් ගොනු කර තිබුණා.
අමාත්‍ය ජි.එල්. පීරිස්, ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්, ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමය, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ කැබිනට් මණ්ඩලයේ ලේකම්වරයා ඇතුළු පාර්ශවයන් රැසක් මෙම පෙත්සම් වලට එරෙහිව කරුණු ඉදිරිපත් කිරීමට අවසර ඉල්ලා සිටියා.