කොරෝනා වසංගතය හේතුවෙන් පවතින අහිතකර වාතාවරණය සැළකිල්ලට ගෙන වාරියපොළ සෞඛ්‍ය බල ප්‍රදේශයේ පිහිටි සියලුම ආපනශාලා තුළ ආහාර ගැනීම තහනම් කිරීමට වාරියපොළ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය තීරණය කර ඇත .
අද සිට මෙම තීරණය ක්‍රියාත්මක කරන බවද ආපනශාලා වල සකසන ආහාරපාන පිටතට රැගෙන යාමට පමණක් අවසරය ලබාදී ඇති බවද වාරියපොළ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී එච්.ඒ.ඩී.සුරවීර මහතා ප්‍රකාශ කළේය .
වාරියපොළ සෞඛ්‍ය බළ ප්‍රදේශය තුළින් මේවනවිට කොරෝනා වෛරසය ආසාදනය වූවන් සිවුදෙනෙකු සමග ඔවුන් ඇසුරු කළ විශාල පිරිසක් පිළිබඳව අනාවරණය වීමත් , ඔවුන් බොහෝ දෙනෙකු වාරියපොළ, පාදෙනිය , මිනුවන්ගැටේ ආදි ප්‍රදේශ ආශ්‍රිතව සැරිසරීමත් හේතුවෙන් මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රදේශයේ සියළුම අංශ සමග සාකච්ඡා කර මෙම තීරණය ගත් බවද වෛද්‍ය සුරවීර මහතා පැවසීය.