වීරඹුගෙදර පොලිස් බල ප්‍රදේශයට අයත් කළුගමුව ජයවඩනගම උදාගම් නිවාස සංකීර්ණයේ පදිංචි මාළු ව්‍යාපාරිකයෙකුගේ බිරිඳට, දියණියට සහ පුතුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.
මාළු ව්‍යාපාරිකයෙකු වන පියා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් මාළු රැගෙනවිත් අලෙවි කරන්නෙකු වූ බැවින් ඔහු ස්වයං නිරෝධායනයට යොමුකර දින 14 කට පසුව පීසීආර් පරීක්ෂණයට යොමු කළද ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී නැති බව තහවුරු වී තිබේ.
ඔහු සමඟම පීසීආර් පරීක්ෂණයට යොමු කළ ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනාට පමණක් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
ආසාදිත දියණිය මෙවර උසස් පෙළ විභාගයට වාණිජ අංශයෙන් නාරම්මල මයුරපාද ජාතික පාසලේදී පෙනී සිට ඇති බැවින් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා වීරඹුගෙදර පොලීසිය එම පාසලට දැනුම්දී ඇත.