ඒකාබද්ධ විපක්ෂයේ 'ජනබලය කොළඹට' උද්ඝෝෂණය අතරතුරදී විරෝධතාකරුවන් විසින්ම ප්‍රහාර එල්ල කර ගැනීමේ සූදානමක් පවතින බවට රහස් ඔත්තු සේවා මගින් අනාවරණය වී ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම්, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.
හෙතෙම මේ බව සඳහන් කර සිටියේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (05දා) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
කෙසේ වුවද, ජනතාවට හිරිහැරයක් නොවන ආකාරයට ආරක්ෂාව මෙහෙයවන ලෙස ආරක්ෂක අංශ වෙත දැනුම් දී ඇති බවත්, ජනතාව පලිහක් කර ගනිමින් තම පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂය කටයුතු කරන බවත් පැවසූ මහලේකම්වරයා,
''අපි මේ බලාගෙන ඉන්නේ බන්දේසියක තියලා ආණ්ඩු බලය එයාලට දීලා දාන්න. ජනතාව ගොනාට අන්දවන ඒ අයට දවසක් නෙවේ සුමානයක් හරි ඉඳලා යන්න පුළුවන්. එන විදිය බලලා අපි ගන්න ඕන පියවර ගන්නවා'' යැයිද වැඩිදුරටත් පැවසීය.