මහනුවර, කෑගල්ල සහ අම්පාර දිස්ත්‍රික්කවල අලවතුගොඩ, අකුරණ, වරකාපොළ සහ අක්කරෙයිපත්තු පොලිස් බල ප්‍රදේශ තුළ ඇඳිරි නීතිය ඉවත් නොකොට දිගටම ක්‍රියාත්මක කරන බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
ඒ අනුව මෙම දිස්ත්‍රික්ක 03ට අයත් සෙසු පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය අප්‍රේල් 20 සඳුදා සිට සෑම දිනකම උදේ 5.00ට ඉවත් කොට රාත්‍රී 8.00 ට යළි පනවනු ලැබේ.