වරකාපොළ රෝහලේ බාහිර රෝගී අංශය හා මේ වන විට සායන පවත්වනු ලබන පැරණි සිව් මහල් ගොඩනැගිල්ල කොවිඩ් 19 ආසාදිත රෝගීන් සදහා වෙන් කිරීමට කටයුතු කරන බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ පද්ම කුමාර් වික්‍රමරත්න මහතා (29) දා පැවසීය.
වරකාපොල මූලික රෝහලේ පැරණි ගොඩනැගිල්ලේ පහළ බිම් කොටසේ පමණක් මේ වන විට බාහිර රෝගී අංශය හා සායන පවත්වනු ලබන අතර මෙම සිව් මහල් ගොඩනැගිල්ලේ ඉහළ මහල් දෙකක් මෙලෙස හදිසි කොරෝනා රෝගීන් සඳහා වෙන් කිරීමට නියමිතව ඇත
වරකාපොල රංගන රුවන්