වරකාපොල පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකුට කොවිඩ් ආසාදනය වී තිබීම හේතුවෙන් එම පොලීසියේ ඔහුගේ ආශ්රිතයින් තිදෙනෙක් නිරෝධානයට ලක්කර ඇති බව වරකාපොල පොලීසිය පවසයි.
වෙනත් රෝගයකට ප්රතිකාර ලබාගැනීම සඳහා රෝහලට ඇතුළත්ව ඇති මෙම උප පොලිස් පරීක්ෂකවරයාට කරනු ලැබූ පී.සී.ආර්. පරීක්ෂණයේදී ඔහු කොවිඩ් ආසාදිතයෙක් බවට තහවුරු වී තිබේ.
ඒ අනුව ඔහු ගමන් කළ ස්ථාන සොයා ඔහු ඇසුරු කළ පවුල්වල පුද්ගලයින් නිරෝධායනයට ලක්කර ඇති බව වරකාපොල පොලීසිය වැඩිදුරටත් පවසයි.