පවතින වියළි කාලගුණ තත්ත්වය අවසන් කරමින් අද (08දා) සිට ප්‍ර‘දේශ කිහිපයකට වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මීට අමතරව උදෑසන කාලයේදී පවතින ශීත දේශගුණික තත්ත්වය අද (08දා) දින සිට සුළු අඩුවීමක් බලාපොරොත්තුවන බවද කාර්ය නියුක්ත කාලගුණ විද්‍යාඥ පැතුම් පැස්කුවෙල් මහතා සඳහන් කළාය.
අද දිනයේදී නැගෙනහිර හා ඌව පළාත් වැසි වාර කිහිපයක් බලාපොරොත්තුවන බවත්, මීට අමතරව සබරගමුව, මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයේත් සවස 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද පවසා සිටියේය.
එහෙත් මේ මස 13 වන දින තෙක් උතුරු පළාතට වැසි තත්ත්වයක් බලාපොරොත්තුවිය නොහැකි බවද සඳහන් කළේය.
බස්නාහිර සහ ඌව පළාත්වලත්, ගාල්ල සහ අම්පාර දිස්ත්‍රික්කවලත් විටින් විට සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40 දක්වා ඉහළ යා හැකි බවද පවසා සිටියේය.