වියළි කාලගුණ තත්ත්වය මේ වන විට නියඟයක් බවට පත්ව තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
2016 වසරේ මැයි මාසයෙන් පසු රටට නියමිත ලෙස වැසි නොලැබුණු බවත්, කඩින්කඩ වැසි ඇති වුවද, ඇතිවී තිබෙන වියළි තත්ත්වය මගහරවා ගැනීමට එම වැසි ප්‍රමාණවත් නොවන බවත් එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ එස්. ප්‍රේමලාල් මහතා සඳහන් කළේය.
මේ හේතුවෙන් ලංකාවේ බොහෝ ප්‍ර‘දේශවලට නියං තත්ත්වයක් ඇතිවී තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.
දෙවැනි අන්තර් මෝසම ඔක්තෝබර් මාසයේ දෙවැනි සතියේදී ඇති විය හැකි බවත්, මේ අනුව ලංකාවේ බොහෝ ප්‍ර‘දේශවලට සමස්ත කාලයේදී වැසි ඇතිවේයැයි බලාපොරොත්තු වන බවත් ඒ මහතා සඳහන් කළේය.