දිස්ත්‍රික්ක දහඅටක ඇති වී තිබෙන වියළි කාලගුණ තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බවත්, මේ නිසා ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසට සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
ජල ගැටලුවලට මුහුණදී සිටින ජනතාවට පිරිසුදු පානීය ජලය අඛණ්ඩව ලබාදීමට කටයුතු කරන බවත්, වගා හානිවලට අදාළ වන්දි ලබාදීමට අවශ්‍ය කටයුතුද සිදුවෙමින් තිබෙන බවත් එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු තොරතුරුවලට අනුව තවදුරටත් වියළි කාලගුණ තත්ත්වය පැවතිය හැකි නිසා ජලය අරපිරිමැස්මෙන් භාවිත කරනවා සේම, කැලෑ ආරක්ෂා කරගැනීමට කටයුතු කළ යුතු බවද ඔහු කියා සිටියේය.
කැලෑ ගිනි තැබීම නිසා පාරිසරික ගැටලු රාශියක් ඇතිවන බවත්, මේ නිසා කැලෑ ගිනි තැබීම වළක්වාගැනීමට ජනතාව කටයුතු කළ යුතු බවත් කී ඒ මහතා මෙවැනි ක්‍රියා කරන පුද්ගලයන් පිළිබඳ ළඟම පොලීසියට හෝ 117 දුරකථන අංකයට දැනුම්දෙන ලෙසද ඉල්ලා සිටියි.
රත්නපුර, කෑගල්ල, කුරුණෑගල, වවුනියාව, යාපනය, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව්, මාතලේ, මහනුවර, හම්බන්තොට, පොළොන්නරුව, අනුරාධපුර, අම්පාර, ත්‍රිකුණාමලය, මඩකලපුව, මොනරාගල යන දිස්ත්‍රික්කවලට ඇති වී තිබෙන වියළි කාලගුණ තත්ත්වය නිසා පවුල් එක්ලක්ෂ අසූතුන්දහස් හයසිය පනස් අටකට අයත් පුද්ගලයන් හයලක්ෂ පනස් දෙදහස් තුන්සිය පනස් එක් දෙනෙකු පීඩාවට පත්ව තිබේ.