වියළි කාලගුණය නිසා පීඩාවට පත් පවුල් ප්රමාණය දෙලක්ෂ එක්දහසක් දක්වා ඉහළ ගොස් තිබේ.මීට අමතරව වියළි කාලගුණ තත්ත්වය දිස්ත්රික්ක පහළොවකට බලපා තිබෙන අතර, වැඩිම පිරිසක් පීඩාවට පත්ව සිටින්නේ යාපනය දිස්ත්රික්කයෙහිය. එම දිස්ත්රික්කයේ ප්රදේශ 15කට අයත් පවුල් 30,486ක පුද්ගලයන් 110,156ක් පීඩාවට පත්ව ඇත.
වවුනියාව, කිලිනොච්චිය, මන්නාරම, මුලතිව්, කුරුණෑගල, පුත්තලම, පොළොන්නරුව, අනුරාධපුර, අම්පාර, මඩකලපුව, ත්රිකුණාමලය, මාතලේ, හම්බන්තොට හා කෑගල්ල යන දිස්ත්රික්කවල ජනතාව මෙසේ පීඩාවට පත්ව සිටිති.