වයස අවුරුදු 25ත් 59ත් යන වයස් කාණ්ඩයේ පුද්ගලයන් අතර ආසාදනයවීම් හා රෝහල්ගතවීම් භයානක අනුපාතයකින් වැඩි වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් අනතුරු අඟවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පවසා සිටියේ, වැඩි වශයෙන් සම්ප්‍රේෂණය කළ හැකි ප්‍රභේද ඉස්මතුවීම සහ තරුණ වැඩිහිටියන් අතර සමාජ මිශ්‍රණය වැඩිවීම මෙන්ම, මහජන සෞඛ්‍ය පුරුදු නොසලකා හැරීම මීට හේතුවිය හැකි බවයි.