රට තුල ව්‍යසනයක් පවතින අවස්ථාවක විපක්ෂය වගකීමෙන් කටයුතු කළ යුතු වුවත් වත්මන් විපක්ෂය කුහකකමෙන් කටයුතු කරන බව මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
මහනුවරදී පැවැති මාධ්‍ය හමුවකදී කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසීය,
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ කෙහෙළිය රඹුක්වැල්ල මහතා ,
එල්ටීටීඊ සංවිධානයට තමන් කිසි විටෙකත් සහතික ලබා නොදෙන බවත් සුනාමි අවස්ථාවේ එල්ටීටීඊ යේවත් නොතිබූ තරමේ කුහකකමින් ඇතැම් පිරිස් කටයුතු කරන බවත් ප්‍රකාශ කළේය. සුනාමිය අවස්ථාවේ වීරෝධාර රණවිරුවන් අහිංසක ජනතාව බේරා ගැනීම සඳහා ක්රියාකරද්දී ම්ලේච්ඡ කොටි පවා එදා තුවක්කු පත්තු නොකළ බවත් කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
හදිසි අවස්ථාවක දී ක්‍රියාකළ හැකි ලොව දෙවන හොඳම හමුදාව මෙරට සිටින බවට ලෝකයෙන්ම පැසසුම් එනවිට මෙරට විපක්ෂයේ ඇතැමුන් ආරක්ෂක අංශ පවා හෑල්ලුවට ලක්කර කතා කරන බවත් ඔවුන්ගේ අතිත ක්‍රියාකාරකම් අනුව මෙවැනි කුහකකම් අරුමයක් නොවන බවත් කීය.
2019 දී ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ තරග කිරීම වෙනුවට අධිකරණයට ගිය බවත් එයින් නොහැකි වූ විට විවිධ ක්‍රමවලින් කකුලෙන් ඇදීමට පටන්ගත් බවත් කීය. ලොව පුරා පැතිර පවතින මෙම ව්‍යසනය ශ්‍රී ලංකාව තුල සියයට දෙසීයක් සාර්ථකත්වයෙන් මර්දනය කරන්න වැඩ කළත් මෙම කුහක කණ්ඩායම කිසිදා හොඳක් නොකියන බවද කෙහෙළිය රඹුක්වැල් මහතා තවදුරටත් කීය.
රාජ්‍ය අංශයේ ප්‍රධානියා ලෙස ජනාධිපති ලේකම්වරයාට රාජ්‍ය නිලධාරින්ගෙන් යම් ඉල්ලීමක් කිරීමට අයිතියක් තිබෙනවා. ජනාධිපති තුමා ආරම්භ කළ අරමුදලට කිසිදු බලපෑමකින් තොරව මේ වන විට විශාල මුදලක් ලැබී තිබෙනවා. අමාරුකම් මාධ්‍යයේ වුවද තමන්ගේ වැටුපෙන් කොටසක් පරිත්‍යාග කිරීමට මේ රටේ ඕනෑ තරම් ජනතාව සිටින බවද මෙහිදි හිටපු රාජ්‍ය අමාත්‍යවරයා කීය.
තව වසර දහයකටවත් දේශපාලන අනාගතයක් නොමැති පිරිස් අද විකාර කතා කරන බවත් ඔවුන් කුමක් කීවද රජය කටයුතු කරන්නේ නීතියට අනුව සහ විනිවිදව බවද මෙහිදී හිටපු රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
මෙහොමඩ් ආසික්