පාර්ලිමේන්තුව වෙනුවට සෙල්ලම් පාර්ලිමේන්තු කැඳවා විපක්ෂය රවටා කෝම්පිට්ටු හැදීමට තමන් සූදානම් නැති බවත් ව්‍යවස්ථානුකූලව අග්‍රාමාත්‍යවරයා මෙය බේරා ගැනීමට ඉදිරිපත් නොවුණහොත් ඉදිරියේදී අධිකරණයට ගොස් ප්රශ්නය විසඳා ගැනීමට සිදුවන බව හිටපු අමාත්‍ය පී .හැරිසන් මහතා පැවසීය.
දඹුල්ල ප්‍රදේශයේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් අද ( 02) දින පස්වරුවේ හිටපු අමාත්‍ය පී හැරිසන් මහතා දීර්ඝ වශයෙන් මේ බව පැවසීය.
ආණ්ඩුව corona තත්ත්වය පහව යමින් යන බවට වහසිබස් දොඩන බවත් එහෙත් සෞඛ්‍ය බලධාරීන් සහ ලෝක සෞඛ්‍ය සංවිධාන අනතුරු අඟවා තිබිය දී රටේ තත්ත්වය ලිහිල් කිරීමට යන බවත් රට නිරාවරණය කිරීමට පෙර ආරක්ෂක තත්ත්වය සලකා බැලිය යුතු බවද ඒ මහතා සඳහන් කළේය.
පාර්ලිමේන්තුව රැස් නොකළහොත් ව්‍යවස්ථා විරෝධී කටයුත්තක් සිද්ධ වෙනවන බවත් ජනාධිපතිවරයාට බලය ලබාදී ඇත්තේ පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන දිනයේ සිට නැවත පාර්ලිමේන්තුව කැඳවන කාලසීමාව මාස 3ක කාලයකට වියදම් කිරීමට පමණක් බවත් එම නිසා නව පාර්ලිමේන්තුවක් කැඳවීමට නොහැකි වූ නිසාවෙන් නැවත පරණ පාර්ලිමේන්තුවේ කාලසීමාව ඇති නිසා පාර්ලිමේන්තු කැඳවිය යුතු බව හෙතෙම සඳහන් කළේය.
ජනාධිපතිවරයාට ඒ සඳහා බලය පවතින බවද හැරිසන් මහතා සඳහන් කළේය. ඉදිරි කාලයේදී මුදල් වියදම් කිරීම සඳහා පාර්ලිමේන්තුව කැඳවීම අත්‍යාවශ්‍ය නිසා ජනාධිපතිවරයා සිදුකළ යුත්තේ විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය අවලංගු කොට නැවත පාර්ලිමේන්තුව කැඳවා corona සම්බන්ධයෙන් සහ වියදම් අනුමත කර ගැනීම බවද සඳහන් කළේය.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ සිය බලය උපයෝගී කරගෙන තුනෙන් දෙකේ බලයක් ලබා ගැනීමේ අවශ්‍යතාවය පරිදි බවත් corona නොව ඕනෑම වසංගතයක් තුළින් තුනෙන් දෙකේ බලය ලබා ගැනීමට සූදානමක් පවතින බවද හෙතෙම පැවසීය.
මහින්ද රාජපක්ෂ මහතා සූදානමින් සිටින්නේ සෙල්ලම් පාර්ලිමේන්තුව කැඳවා තම විපක්ෂය ලවා කෝම්පිට්ටු හදවා ගැනීම බවත් එයට කිසිසේත් ඉඩ නොතබන බව ද තම කණ්ඩායම කිසිසේත් අරලියගහ මන්දිරයේ සාකච්ඡාවට නොඑන බවද හැරිසන් මහතා අවධාරණය කළේය.
එක්සත් ජාතික පක්ෂය එම සාකච්ඡාවට සහභාගී වුවද සමගි ජනබලවේගය කිසිසේත් එම සාකච්ඡාවට නොඑන බව හෙතෙම පැවසීය.
දේශීය කිරි පිටි මිල වැඩි කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ විදේශීය කිරිපිටි සඳහා විශාල බදු මුදල් අය කිරීමක් සිදු කරන බවත් විදේශීය සහ දේශීය කිරිපිටි මිල සම කිරීම නිසා එහි වාසිය දේශීය ගොවියාට ද ලැබිය යුතු බවද ඒ සඳහා කිරි ලීටරයක මිල රුපියල් සියයක් කළ යුතු යැයි හෙතෙම පැවසීය.
බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාට ඩෙංගු සහ කොරෝනා රෝගය අතර වෙනස හඳුනා ගැනීමට නොහැකි තත්ත්වයක් පවතින බවත් එම සියලූ තත්ත්වයන් මධ්‍යයේ ඔහු මැතිවරණයට ගමන් කිරීමේ සූදානමක් පවතින බවද පැවසීය.
කාංචන කුමාර ආරියදාස