පළමු අදියරේදී කොවිඩ්-19 වෛරසය වඩාත් සාර්ථකව පාලනය කළ වියට්නාමය ඊයේ (31දා) දිනයේදී දෙවැනි කොවිඩ්-19 මරණයත් වාර්තා කර තිබේ.
මියගිය 61 හැවිරිදි පුද්ගලයා ඩා නන්ග් නගරයේ රෝහලකදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය සතියේ වියට්නාමය විසින් දේශීය වශයෙන් සම්ප්‍රේෂණය වන කොරෝනා වෛරස ආසාදන පිළිබඳ කතා කිරීමට පටන් ගත්තේ, මාස තුනකට වැඩි කාලයක් දේශීය ආසාදන නොමැතිව වෛරසය වඩාත් හොඳින් පාලනය කර තිබූ පසුබිමකය.
ජනවාරි මාසයේ දී පළමු වරට ආසාදිතයෙකු අනාවරණය වූ දින සිට මේ දක්වා කොරෝනා වෛරස ආසාදන 546ක් වාර්තා වී තිබූ වියට්නාමයේ, පළමු වැනි කොවිඩ්-19 එදිනම අලුයම් කාලයේදී වාර්තා කළේය.