දේශීය හදිසි භාවිතය සඳහා ඇස්ට්‍රාසෙනෙකා එන්නත වියට්නාමයේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අනුමත කර තිබේ.
ලෝකයේ කොවිඩ්-19 ආසාදනය පාලනය කළ ලොව හොඳම රටවල් අතර දෙවැනි තැනට ගැනෙන වියට්නාමය තුළ පසුගියදා යළි වෛරසය හිස එසවීමක් වාර්තා විය.
මුල සිටම දැඩි වසංගත පාලන නිතීරීති සමග බැඳී සිටීම වසංගතය මේ ආකාරයෙන් රට තුළ පාලනය කරගැනීමට වියට්නාමයට හේතු විය.
කෙසේ වෙතත් මෙම නවතම තත්ත්වය විදේශයක සිට පැමිණි ආසාදිතයෙකු සමග හටගෙන ඇති අතර, ඊයේ දිනය වනවිට තවත් ආසාදිතයන් 34 දෙනෙකු එරටින් වාර්තා විය. එනමුදු වසංගතය ආරම්භ වූ දා එරටින් සිට වාර්තා වී ඇත්තේ ආසාදිතයන් 1,767ක් සහ මරණ 35ක් පමණි.
මේ තත්ත්වයත් සමග එරට එන්නත්කරණ වැඩසටහන මෙසේ වේගවත් කිරීමට වියට්නාමය පියවර ගෙන තිබේ.