වියට්නාමයේ නව කොරෝනා වෛරස ආසාදිතයන් 21ක් ගෙවීගිය දිනයේ වාර්තා වී ඇති අතර, ඒ සමග රටේ තහවුරු වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව අවම වශයෙන් 642ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ නිල පුවත්පත වන චින්ෆු පවසයි.
නව ආසාදිතයන් 21න් අවම වශයෙන් 15ක් සංචාරක නගරයක් වන ඩා නන්ග් හිදී හඳුනාගෙන ඇති අතර, සිද්ධීන් 6ක් ආසන්න ක්වාං නැම් ප්‍රදේශයෙන් හඳුනාගෙන ඇති බව චින්ෆු වාර්තා කරයි. ඔවුන් සියල්ලන්ම ඩා නන්ග් රෝහලට සම්බන්ධ කර ඇති බවද පවසයි.
වියට්නාම් ප්රවෘත්ති ඒජන්සියට (VNA) අනුව, ආසාදිතයන් සමග සමීප සම්බන්ධතා පැවැත්වූ හෝ වසංගතයෙන් පීඩාවට පත් ප්‍රදේශවලින් පැමිණි පුද්ගලයින් 103,268ක් මේ වනවිට රට පුරා නිරෝධායනයකට ලක්ව සිටිති.
අපේ‍්‍රල් මාසයේ වාර්තා වූ උපරිම කාලයට සාපේක්ෂව වියට්නාමයේ පරීක්ෂණ ධාරිතාව දෙගුණයක් වී ඇති බවද වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය ගුයීන් තන් ලෝන්ග් පවසයි.
වියට්නාමය විසින් දේශීය වශයෙන් සම්ප්‍රේෂණය පිළිබඳ කතා කිරීමට පටන් ගත්තේ, මාස තුනකට වැඩි කාලයක් දේශීය ආසාදන නොමැතිව වෛරසය වඩාත් හොඳින් පාලනය කර තිබූ රටක් බවට පත්ව තිබියදීය.