ව්‍යාජ වීසා බලපත්‍ර උපයෝගී කර ගනිමින් කැනඩාව වෙත පැන යෑමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් 12 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගෙන තිබේ .
මොවුන් කටාර් රාජ්‍යයේ දෝහා බලා පිටත්ව යන කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 669 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මොවුන් වයස අවුරුදු 21 ත් 55 ත් අතර පසුවන කාන්තාවන් 05 දෙනෙකු සහ පිරිමි පූද්ගලයින් 07 දෙනෙකි .
ඔවුන් කිරිබත්ගොඩ , නුගේගොඩ මාවනැල්ල , අලවතුගොඩ , කෑගල්ල ,පොල්ගහවෙල ආදී ප්‍රදේශවල පදිංචිකරුවන් වෙති .
මෙසේ අත්අඩංගුවට ගත් පිරිස මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර ,ඔවුන් අතරින් 11 දෙනෙකු ඇප මත මුදා හැර තිබේ .
මොවුන් අතර සිටි ඉතිරි එක් කාන්තාවක් මෙම පැන යෑම සංවිධානය කළ බවට චෝදනා ලැබ ඇති නිසා , ඇය මේ මස එනම් 29 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ .
කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති .