ව්‍යාජ ලිපිලේඛන සකස් කළ පුද්ගලයෙකු මාතලේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් මාතලේ, වත්තේගම පාර, උකුවෙල ප්‍රදේශයේ නිවසක් වැටලිමේදි මොහු අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී ව්‍යාජ ලෙස සකස් කළ ජාතික හැදුනුම්පත් 07ක්, විදේශ ගමන් බලපත්‍ර 16ක්, විශ්වවිද්‍යාල උපාධි සහතික පත් 12ක්, විශ්වවිද්‍යාල පාඨමාලා සහතික 11ක්, රබර් මුද්‍රා 29සොයාගෙන ඇත.
එමෙන්ම පාසල්, ග්‍රාම නිලධාරී කාර්යාල, විභාග දෙපාර්තමේන්තුවේ සහ අමාත්‍යාංශවල ශීර්ෂ සහිත ලේඛන ඇතුළු විවිධ පුද්ගලයින්ගේ ඡායාරූප 153ක් සොයාගෙන ඇති බව සඳහන්.
මීට අමතරව සැකකරු සතුව තිබී පතරොම් 23ක් සහ අලි වෙඩිල්ලක් ද පොලීසිය විසින් සොයාගෙන ඇත.
අත්අඩංගුවටගත් සැකකරු 40 හැවිරිදි අයෙකු වන අතර ඔහු මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.