රුපියල් පනස්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයෙකු ඊයේ (03දා) කුරුණෑගල දිසා දූෂණ මර්දන ඒකකය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ තිබේ. කුරුණෑගල ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
කුරුණෑගල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාට ලැබුණු තොරතුරකට අනුව ඇත්කඳ වෙහෙර රජ මහා විහාරය ආසන්නයේ පිහිටි අදාළ ව්‍යාපාරිකයාට අයත් නිවෙස පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේ එහි තිබූ මෙම ව්‍යාජ මුදල් නෝට්ටු තොගය සොයා ගැනීමට පොලීසිය සමත්ව ඇත.
රුපියල් පන්දහසේ වලංගු මුදල් නෝට්ටු තොගයක් සමග එම සැකකරු විසින්ම පරිගණකයෙන් නිර්මාණය කරන ලද පන්දහසේ නෝට්ටුව හා සමාන වූ මෙරට භාවිතයේ නොමැති රුපියල් පනස්දහසේ මුදල් නෝට්ටු තොගයක්ද මෙහිදී හමු වූ බව කුරුණෑගල දිසා දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මහින්ද පුෂ්පකුමාර මහතා පැවසීය.
සැකකරු විසින් වලංගු පන්දහසේ මුදල් නෝට්ටු උඩින් යොදා යටට පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු යොදා සැකසූ මුදල් බණ්ඩල් 07ක්ද, පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු පමණක් යොදා සැකසූ මුදල් බණ්ඩල් 414ක්ද එම නිවසේ පෙට්ටි කිහිපයක අසුරා තිබියදී පොලීසිය විසින් සොයා ගනු ලැබ තිබේ.
අත්අඩංගුවට පත් සැකකරු අංශ කිහිපයක් යටතේ ව්‍යාපාර පවත්වාගෙන යන ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු මෙන්ම නිතර රූපවාහිනි නාළිකාවලද පෙනී සිටින ප්‍රකට දේශකයෙකු බවට තොරතුරු ලැබී ඇති බවත් ඔහු විසින් මුදල් දෙගුණ කිරීමේ ජාවාරම සඳහා යොදා ගැනීමට මෙසේ මුදල් නෝට්ටු මුද්‍රණය කරන්නට ඇති බවද පොලීසිය සැකකරයි.
මෙම ව්‍යාජ නෝට්ටු තම දේශනවලට පැමිණෙන පුද්ගලයන්ට සහ පාසල් දරුවන්ට පෙන්වීමට නිර්මාණය කළ ඒවා බව සැකකරුගෙන් පොලීසිය කළ ප්‍රශ්න කිරීම්වලදී ප්‍රකාශ කර ඇත.
අදාළ මුදල් නෝට්ටු තොගය ස්ථාන හතරකදී මුද්‍රණය කරවා ඇති බැවින් එම ස්ථාන සොයා පරීක්ෂණ සිදු කරන බවද පොලීසිය පවසයි. අත්අඩංගුවට පත් සැකකරු හා මුදල් තොගය වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට පියවර ගෙන ඇත.