ව්‍යාජ දහසේ නෝට්ටු 29ක් සන්තකයේ තබාගෙන ත්‍රීරෝද රථයකින් ගමන් කල පුද්ගලයන් තිදෙනෙකු ඊයේ (30 දා) සවස අත්අඩංගුවට ගත් බව හොරොව්පතාන පොලීසිය පවසයි.
ව්‍යාජ දහසේ නෝට්ටු කීපයක් රැගෙන පුද්ගලයන් තිදෙනෙකු හොරොව්පොතාන නගරයට ත්‍රීරෝද රථයකින් පැමිණෙන බවට ලැබුණු තොරතුරකට අනුව පොලිසිය විසින් මග රැක සිට මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් මහදිවුල්වැව පළමු පියවර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.
මෙම සැකකරුවන් ගෙන් කළ ප්‍රශ්න කිරීම් වල දී, දීර්ඝකාලයක සිට සූක්ෂම ලෙස මෙම හොර නෝට්ටු ජාවාරම සිදු කොට ඇති බව පොලීසිය අනාවරණය කරගෙන ඇති අතර දිවයිනේ විවිධ ප්‍රදේශවලට ගොස් වෙළඳසැල්වලින් විවිධ භාණ්ඩ මිලට ගෙන මෙම ව්‍යාජ මුදල් මාරු කරගෙන ඇති බවද පොලීසිය පවසයි.
මෙම ජාවාරමෙ නිරත මහමොළකරු පන්කුලම් මොරවැව, රොටවැව ප්‍රදේශයේ අයෙකු බවත් එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද පොලීසිය පවසයි.
අත්අඩංගුට ගත් සැකකරුවන් අද (31දා) කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.